E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5692/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5692/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)        (i)       උඩුකිඳ, මැදවෙල, කරගහඋල්පත යන ලිපිනයේ පදිංචි යසවතී කුමාරිහාමි ජයසුන්දර මහත්මිය ගොවි විශ්‍රාම වැටුප් ලබාගැනීම පිණිස කෘෂිකාර්මික  හා ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී තිබේද;

      (ii) ඇය ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේද;

      (iii) ඇය ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්නම්, ඇයට මෙතෙක් ගොවි විශ්‍රාම වැටුප් නොගෙවීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යසවතී කුමාරිහාමි ජයසුන්දර මහත්මිය: ගොවි විශ්‍රාම වැටුප්

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks