E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5708/ 2015 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5708/’14

       

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— නිවාස හා සමෘද්ධි  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2011 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව 2011 ජන සෙවණ නිවාස දස ලක්ෂය නිවාස  සහ ජනාවාස මෙහෙයුම යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ නිවාස පහසුකම් ලබාදීමට හඳුනාගත් මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;

      (ii) එකී යෝජනා ක්‍රමය යටතේ නිවාස පහසුකම් ලබාදුන් පවුල් සංඛ්‍යාව කොපමණද;

        (iii) එම යෝජනා ක්‍රමය සඳහා වැය කළ මුදල් ප්‍රමාණය කොපමණද;

      (iv) එකී මුදල් ලබා ගත් ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)   (i) 2011 ජන සෙවණ නිවාස දස ලක්ෂය නිවාස සහ ජනාවාස මෙහෙයුම යටතේ නිවාස පහසුකම් ලබාදීමට හඳුනාගත් පවුල් වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබුණේද;

      (ii) එකී පොරොන්දුව අනුව මෙතෙක් නිවාස ලැබී නොමැති පවුල් සඳහා නිවාස ලබා දීමට පියවර ගන්නේද;

        (iii) ඒ සඳහා ගත වන කාලය කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks