පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5723/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කළ, විවිධ රැකියා හා ව්‍යාපාරවල නිරතවූ හා සමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ සංචාරකයන් කොපමණ සංඛ්‍යාවක් 2014 වර්ෂය තුළ අත්අඩංගුවට ගෙන තිබේද;
(ii) ඔවුන් අයත් රටවල් කවරේද;
(iii) අත්අඩංගුවට ගත් එම එක් එක් පුද්ගලයා විසින් සිදු කරන ලද නීති විරෝධී කටයුත්ත හා ලබාදුන් දඬුවම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සංචාරක වීසා මත පැමිණ නීති විරෝධීව රට තුළ රැඳී සිටින විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබේද;
(ii) මේ සම්බන්ධයෙන් බලාත්මක වන නීති රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන්නේද
(iii) එසේ නම්, ඒ කුමන ආකාරයෙන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නීති විරෝධීව රට තුළ රැඳී සිටින සංචාරකයන් අත් අඩංගුවට ගැනීම: වැඩ පිළිවෙළ
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks