පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5769/’14
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල - කුලියාපිටිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මාර්ගයේ දුර සහ පළල කොපමණද;
(ii) එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගත වන කාල සීමාව කවරේද;
(iii) එම මාර්ගයේ ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;
(iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ/ආයතනයේ නම කවරේද;
(v) එම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා ගන්නා මූලාශ්‍ර කවරේද;
(vi) එම මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වන පිරිවැය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කාලය තුළ රථ වාහන පාලනය සඳහා වැඩ පිළිවෙළක් හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, සම්පූර්ණ ව්‍යාපෘතිය තුළින් ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අගතියට පත්වන පාර්ශ්වකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ අගතියට පත් අයට වන්දි ප්රදානය කර තිබේද;
(iii) එසේ නම්, වන්දි ලබා දුන් අයගේ විස්තර කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-06
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පන්නල - කුලියාපිටිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය: විස්තර
පිළිතුරු දුන් දිනය
2015-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks