බලන්න

E   |     |  

 දිනය: 2015-03-17   පිළිතුර ලබා දී ඇත 

5771/ 2015 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5771/’14

       

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නාරම්මල-මාදම්පේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මාර්ගයේ දුර ප්‍රමාණය සහ පළල කොපමණද;

                  (ii)       එම මාර්ගයේ  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගත වන කාල සීමාව කවරේද;

      (iii) එම මාර්ගයේ ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;

      (iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ/ආයතනයේ නම කවරේද;

      (v) එම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා ගන්නා මූලාශ්‍ර කවරේද;

      (vi) එම මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වැය වෙන පිරිවැය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කාලය තුළ රථ වාහන පාලනය සඳහා වැඩ පිළිවෙළක් හඳුනාගෙන තිබේද;

      (ii) එසේ නම්, සම්පූර්ණ ව්‍යාපෘතිය තුළින් ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අගතියට පත්වන පාර්ශ්වකරුවන් ගේ සංඛ්‍යාව කොපමණද;

      (ii) එසේ අගතියට පත් අයට වන්දි ප්‍රදානය කර තිබේද;

        (iii) එසේ නම්, වන්දි ලබා දුන් අයගේ විස්තර කවරේද;

      යන්නත් එතුමා  සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-17

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නාරම්මල-මාදම්පේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks