E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5877/ 2015 - ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5877/’15

       

      ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ දිගම වෙරළ තීරය අයත් වන පුත්තලම් දිස්ත්‍රික්කය තුළ එකදු ධීවර වරායක් හෝ ධීවර නැංගුරම්පළක් ඉදිකර නොමැති බවත්;

                  (ii)       පසුගිය රජය ඉදිරිපත් කළ 2013/2014 අයවැය යෝජනා අතර වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා යෝජනාවක් තිබූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත (අ) (ii) හි සඳහන් යෝජනාවට අනුව, වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල කොපමණද;

      (ii) එම වෙන් කළ මුදලින් ධීවර වරාය ඉදිකිරීම ආරම්භ කරන දිනය කවරේද;

      (iii) එකී ධීවර වරාය ඉදිනොකරන්නේ නම්, ඊට හේතුව කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු හා ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වෙන්නප්පුව ධීවර වරාය: ඉදිකිරීම් කටයුතු

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. ,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks