E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5892/ 2015 - ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5892/’15

       

      ගරු ලසන්ත අලගියවන්න  මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

       (අ)        (i)       2014.01.01 දින වන විට දිවයින තුළ සිටි සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම පවුල් සංඛ්‍යාව  එක් එක් මාසික සහනාධාර මුදල් කාණ්ඩය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම එක් එක් කාණ්ඩය යටතේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) 2015 වර්ෂයේ අයවැය යෝජනා මගින් ලබා දුන් සහන ද ඇතුළත් එක් එක් මාසික සහනාධාර කාණ්ඩය අනුව 2015 ජනවාරි 31 වැනි දිනට සිටි සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව; සහ

      (​ii) එම එක් එක් කාණ්ඩය යටතේ එකී සහනාධාර ලබා දීමට වැය කළ මුදල;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) දින සියයේ වැඩ සටහන වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය මගින් ලබා දුන් සහන ද ඇතුළත් කළ පසු එක් එක් මාසික සහනාධාර කාණ්ඩය යටතේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්  සංඛ්‍යාව; සහ

      (ii) එම එක් එක් කාණ්ඩය යටතේ සමෘද්ධි සහනාධාර ලබාදීමට මාසිකව වැයවන මුදල;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධි සහනාධාරලාභි පවුල් : වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks