E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5919/ 2015 - ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5919/’15

       

      ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      පසුගිය ජනාධිපතිවරණ සමයේදී චීන වරාය, නුවර පාර, සමනළ මාවත, අංක 49/1 දරන ස්ථානයේ ක්‍රියාත්මක වූ ලියාපදිංචි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක පෞද්ගලික මුදලින් මිලදී ගෙන ගබඩා කර තිබූ, ගංවතුර ආධාර ලෙස බෙදා ඉතිරි වූ භාණ්ඩ තොගයකට උසාවි නියෝගයක් මත පොලීසිය මඟින් මුද්‍රා තබා නඩු කටයුත්තකට යොමු කරනු ලැබුවේ කුමන හේතුවක් මත, කාගේ පැමිණිල්ලකට, කාගේ නියෝගයක් මතද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (​i) මුද්‍රා තබා ඇති ඉහත සඳහන් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් දෛනික පරිභෝගික භාණ්ඩ වන බැවින් ඒවාට සිදුවිය හැකි හානි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වගකියනු ලබන්නේද;

        (ii) ඉහත සිද්ධිය වූ දිනම එකී කාර්යාල පරිශ්‍රයේ තිබූ එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් WP PA 4549 දරන ඩබල් කැබ් රථය එහි රියැදුරු විසින් නැවත සේවා ස්ථානයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් පදනම සහ එම පැමිණිල්ල ඉදිරිපත් කළ අය කවුරුන්ද;

      (​iii) ඉහත සඳහන් ආකාරයේ අත්තනෝමතික සිද්ධීන් යළි සිදු නොවීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාරිභෝගික භාණ්ඩ තොගයකට පොලීසිය මුද්‍රා තැබීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks