පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5932/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැනට ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් සහ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන්ට හිමි උසස්වීම් එම පිරිසට ද අදාළ වන්නේද;
(iii) එසේ නම්, උසස්වීම් ලබාදීමට අදාළ සේවා කොන්දේසි කවරේද;
(iv) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීම අදාළ නොවන්නේ නම්, ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ දරනු ලබන තනතුර දැනට දරන තනතුරම වන්නේද;
(v) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අදාළ කැබිනට් අනුමතිය මීට පෙර ලැබී තිබේද;
(vi) එසේ නම්, එම අනුමතිය ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
(vii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 යටතේ සහකාර සංස්කෘතික නිලධාරී තනතුරු මේ වන විට අහෝසි කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-23
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සංස්කෘතික නිලධාරින් සහ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් : විස්තර
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම., , පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks