පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6036/ 15
ගරු රාජීව විජේසිංහ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තනතුරෙහි සිටි තමරා කුනනායගම් මහත්මිය වර්ෂ 1989 සිට 1990 දක්වා කාල පරිච්ඡේදය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජිතවරියක ලෙස කටයුතු කළ බවට “ස්වර්ණවාහිනී” නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේද;
(ii) එසේ නම්, එකී ප්‍රකාශය සිදු කරන ලද්දේ කවර සාක්ෂි පදනම් කරගෙනද;
(iii) එකී සාක්ෂි වැදගත්කමකින් යුතුයැයි සළකනු ලබන්නේ නම්, කුනනායගම් මහත්මිය නෙරපීමට පියවර ගනු ලබන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත අ(i) හි සඳහන් කාල පරිච්ඡේදය තුළ සහ ඒ ආසන්න කාලයේදී කුනනායගම් මහත්මිය මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කළ බවත්, ඇය අමාත්‍යවරයා ද සම්බන්ධවී සිටි “මව්වරුන්ගේ පෙරමුණ” නමැති සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සහයෝගය දක්වමින් කටයුතු කළ බවත් එතුමා දන්නෙහිද?
(ඇ) කුනනායගම් මහත්මිය ත්රස්තවාදයට අනුකම්පාව දක්වන බවට චෝදනා කිරීමට හේතුව වන්නේ ඇය මානව හිමිකම් ක්ෂේත්රයේ ක්‍රියාකාරී වීමද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නො එසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-21
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks