බලන්න

E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

6041/ 2015 - ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 6041/’15

       

      ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 ජනවාරි මාසයේ පැවති මිලට සාපේක්ෂව මේ වන විට සාදික්කා මිල 30% - 40% අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව දන්නේද;

                  (ii)       එලෙස සාදික්කා මිල පහළ යෑමට හේතුව කවරේද;

      (iii) නිරන්තරයෙන් සිදුවන සාදික්කා මිල පහළ වැටීම වළක්වා ගැනීමට යම් පියවරක් ගෙන තිබේද;

      (iv) එසේ නම්, එම පියවර පැහැදිලි කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) පසුගිය අයවැයට සාපේක්ෂව මෙවර අයවැයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන 50%කින් පමණ අඩුකර ඇති බව දන්නේද;

      (ii) ප්‍රතිපාදන අඩු කිරීම හේතුවෙන් අපනයන කෘෂිකර්මාන්තයන්හි සිදුවන පසුබෑම මග හරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සාදික්කා මිල පහළ වැටීම : පියවර

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනෝමා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks