E   |     |  

 දිනය: 2015-04-24   පිළිතුර ලබා දී ඇත 

6046/ 2015 - ගරු විජිත හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 6046/’15

       

      ගරු විජිත හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ 19 වැනි වගන්තිය අනුව එම අරමුදලේ ප්‍රාරම්භක භාරකරු වන්නේ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා බව එතුමා දන්නෙහිද?

      (ආ) (i) වත්මන් වෙළඳ විෂය භාර අමාත්‍යවරයා කවුරුන්ද;

      (ii) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර මණ්ඩලයේ භාරකරුවන් හා භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා කවුරුන්ද;

      (iii) එම භාරකරුවන් පත්කරනු ලබන්නේ කවුරුන් විසින්ද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර මණ්ඩලය යටතේ පවත්නා නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම සහ නැට්වෙල්ත් සෙකුරිටීස් සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද;

      (ii) ඉහත සමාගම් සඳහා අධ්‍යක්ෂවරුන් පත්කළ දිනය කවරේද;

      (iii) එම අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ වයස කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-24

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks