E   |     |  

 දිනය: 2015-10-22   පිළිතුර ලබා දී ඇත 

0020/ 2015 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 20/’15

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)

      (අ)      විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය සම්පත් අවභාවිත කිරීම පිළිබඳව විගණකාධිපති විසින් 2015 ජුනි මස 10 වන දින අංක IS/INV/PC/GDE/2015/04 දරන විගණන විමසුම මගින් අනාවරණය කරගෙන ඇති බව එතුමිය දන්නෙහිද?   

      (ආ) (i) ඉහත (අ) හි සඳහන් වන මූල්‍ය විෂමාචාරයන් කවරේද;

      (ii) එම විෂමාචාරයන්ගේ වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) විගණන විමසුමෙන් හෙළිදරව් කර ඇති එම මූල්‍ය විෂමාචාරයන්ට අදාළව අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේද;

      (iv) එසේ නම්, එහි වත්මන් ප්‍රගතිය කවරේද;

      (v) හෙළිදරව් කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ වර්තමාන තත්ත්වය කවරේද;

      යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-10-22

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය : මූල්‍ය විෂමාචාර

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks