E   |     |  

 දිනය: 2015-10-23   පිළිතුර ලබා දී ඇත 

0030/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 30/’15

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)         (i)      2014 වර්ෂයේදී පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් සඳහා වෙන් කළ මුදල කොපමණද;

                   (ii)      එම මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ‍කොපමණද;

      (iii) මෙම මුදල වැය කළ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් වෙන් වෙන් වශයෙන් කවරේද; සහ

      (iv) එම වැඩ‍සටහන් මගින් රටට ලැබුණු ප්‍රතිලාභ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා එවකට පැවති තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සිදු කරන ලද කටයුතු කවරේද;

      (ii) 2014 වර්ෂයේදී ඉදිරිපත් වූ නව නිපැයුම් කවරේද;

      (iii) එම නව නිපැයුම්  ඉදිරිපත් කළ පුද්ගලයන් කවුරුන්ද; සහ

      (iv) ඔවුන්ට ලබා දුන් අනුග්‍රහයන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

      (ඇ) (i) පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මුදල වැඩි කර ගැනීමට  කටයුතු කරන්නේද;

      (ii) එසේ නම්, වැඩි කිරීමට අපේක්ෂිත මුදල කොපමණද; සහ

      (iii) එම මුදල වැය කිරීමට ඇති සැලසුම කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-10-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2014 වර්ෂයේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks