E   |     |  

 දිනය: 2015-12-01   පිළිතුර ලබා දී ඇත 

0075/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 75/’15

       

      ගරු බුද්ධික පතිරණ මහතා,—  ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති නොදියුණු  තාක්ෂණික උපකරණ මගින්  නිවැරදි කාලගුණ අනාවැකි ලබා දීමට අපොහොසත් වී ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා දියුණු භෞතික සම්පත් ලබා දීමට  කටයුතු කරන්නේද;

      (ii) එසේ නම්, ලබාදීමට බලාපොරොත්තු වන නවීන තාක්ෂණික උපකරණ කවරේද;

      (iii) එම නවීන උපකරණ  කුමන කටයුතු සඳහා භාවිතා කරන්නේද;

      (iv) එම උපකරණ සඳහා වැය වන මුදල කොපමණද;

      (v) නවීන තාක්ෂණික උපකරණ ලබා දෙන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-12-01

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව : නවීන තාක්ෂණික උපකරණ

පිළිතුරු දුන් දිනය

2016-02-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks