පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
407/’16
ගරු නාමල් රාජපක්ෂ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වීරකැටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, පස්මන් හන්දිය, මිද්දෙනිය ප්‍රධාන මාර්ගය අසල පිහිටි වීරකැටිය ප්‍රාදේශීය සභාව සතු පොළ වසරක පමණ කාලයක සිට පොළ භූමියෙන් පිටත තාවකාලිකව පවත්වාගෙන යන බැවින් වෙළඳ ප්‍රජාව හා පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත්;
(ii) එම පොළ අලුතින් ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ හම්බන්තොට කාර්යාලයට පවරා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) අදාළ සැලැස්මට අනුව පොළ ඉදිකිරීමේ සියලුම කටයුතු මේ වනවිට අවසන්කර තිබේද;
(ii) එසේ නම්, එම ගොඩනැගිලි සහ භූමිය වීරකැටිය ප්‍රාදේශීය සභාවට භාරදීමට කටයුතු කරන්නේද;
(iii) ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-11
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks