E   |     |  

 දිනය: 2016-07-07   පිළිතුර ලබා දී ඇත 

0513/ 2016 - ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 513/’16

       

      ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      පසුගිය අවුරුදු 15 තුළ දක්නට ලැබුණු අඩුම මිළට තේ සහ රබර් මිළ ගණන්   පහත වැටී ඇති බවත්;

                  (ii)      සමස්ත තේ අපනයනවලින් 80%ක් සපුරාලනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින් බව සහ පසුගිය මාස 6 තුළ තේ අපනයනය තුළින් ලැබූ ඉපයීම් 21%කින් පහත වැටී ඇති බවත්;

      (iii) නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අත්විඳින ලද අලාභ හේතුවෙන් සමහර කුඩා තේ වතුහිමියන් තේ නිෂ්පාදනය අතහැරදමා ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළදී පොරොන්දු වූ ආකාරයට අමු දළු කිලෝග්‍රෑම් එකක් සඳහා රු.90/-ක් සහ ෂීට් රබර් කිලෝග්‍රෑම් එකක් සඳහා රු.350/-ක් ගෙවීමට;

      (ii) මෙම කර්මාන්ත ආරක්ෂාකර ගැනීම සඳහා කුඩා තේ වතු  හිමියන්ට ඔවුන්‍‍ගේ ඉඩම් ඇපයට තබාගෙන හෙක්ටයාරයට රුපියල් මිලියනයක සහනදායී දිගුකාලීන ණය මුදලක් නාමික පොළියක් මත අවුරුදු 10න් ආපසු අයකර ගන්නා පදනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-07-07

අසන ලද්දේ

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks