E   |     |  

 දිනය: 2016-06-22   පිළිතුර ලබා දී ඇත 

0549/ 2016 - ගරු විමල් වීරවංශ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 549/’16

       

      ගරු විමල් වීරවංශ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      පසුගිය රජය වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියන 01ක් දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා සියයට 15ක පොලී අනුපාතයක් ලබා දුන් බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)       2016 වසරේ සිට එම සහනය ලබන වයස් සීමාව අවුරුදු 60 සිට 55 දක්වා අඩු කිරීමටත්;

      (ii) තැන්පතු මුදල රුපියල් මිලියන 1.5 දක්වා වැඩි කිරීමටත්;

      (iii) මෙම පහසුකම සපයන බලපත්‍රලාභී සමාගම් සඳහා සියයට 1.5ක පොලී සහනාධාරයක් ලබාදීමටත්;

      (iv) ඒ සඳහා රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන් කිරීමටත්;

      මෙවර අයවැයෙන් යෝජනා කළ බව එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේද;

      (ii) එසේ නම්, එකී සහනය ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව කොපමණද;

      (iii) මෙම පහසුකම් සපයන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2016-06-22

අසන ලද්දේ

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks