පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
649/’16
ගරු නාමල් රාජපක්ෂ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කරන ලද රුහුණුපුර ජල යෝජනා ක්‍රමයේ II අදියර ආරම්භකර තිබේද;
(ii) ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු කළ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) II වන අදියර යටතේ ආවරණය වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට නළ ජල සම්බන්ධතාව ලබාදී ඇති ග්‍රාම නිලධාරී වසම් කවරේද;
(iii) නළ ජල සම්බන්ධතාවය ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දැනට නළ ජල සම්බන්ධතාවය ලබාදී නොමැති ග්‍රාම නිලධාරී වසම් සඳහා නළ ජල සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා ගත වන කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-08
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks