E   |     |  

 දිනය: 2017-04-05   පිළිතුර ලබා දී ඇත 

0863/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ රටඉඳි ප්‍රමාණය කොපමණද;

                   (ii)       ශ්‍රී ලංකාව රටඉඳි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;     

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)       රටඉඳි ආනයනයේදී එහි ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කරන්නේද;

      (ii) එසේ නම්, ඒ කෙසේද;

      (iii) 2015 වර්ෂයේදී රටඉඳි ආනයනය සඳහා වැය කළ මුදල ‍කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-04-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රටඉඳි ආනයනය: වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-08-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks