E   |     |  

 දිනය: 2017-05-04   පිළිතුර ලබා දී ඇත 

1048/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1048/’16

      ගරු බුද්ධික පතිරණ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සෙත්සිරිපාය දෙවැනි අදියර නව ගොඩනැගිල්ලේ හා සුහුරුපාය නව ගොඩනැගිල්ලේ වර්ග අඩියකට අයකරනු ලබන බදු මුදල හා සේවා ගාස්තුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) මෙම ගොඩනැගිලිවල රථ ගාල් කිරීමට ඇති ඉඩ සඳහා ගෙවීමක් සිදු කළ යුතුද;

      (iii) එසේ නම්, එම ගාස්තුව, එක් එක් ගොඩනැගිල්ල අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සෙත්සිරිපාය දෙවැනි අදියර නව ගොඩනැඟිල්ල හා සුහුරුපාය: බදු මුදල හා සේවා ගාස්තු

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks