පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1983 වර්ෂය වනවිට මුලතිව් දිස්ත්‍රික්කය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) වර්ෂ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;
(iv) 2009 වර්ෂයේදී යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂ දක්වා විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;
(v) ඉහත (iv) හි සඳහන් කාල පරිච්ඡේදය සඳහා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-09
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විදුලිය ලබා දී ඇති නිවාස: මුලතිව් දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2017-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks