E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1220/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1220/’16

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව විනාශ කරන ලද රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

      (iii) විනාශ වූ එම දේපළ පිළිබඳව රජයේ පිළිගත් තක්සේරුවක් කර තිබේද;

      (iv) එසේ නම්, එම දේපළවල සම්පූර්ණ වටිනාකම කොපමණද;

      (v) විනාශ කරන ලද එක් එක් දේපළවලට අදාළව වගකිව යුතු ත්‍රස්තවාදීන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබේද;

      (vi) එසේ නම්, එම පියවර කවරේද;

      (vii) ඉහත (i) - (vi) දක්වා විමසා ඇති තොරතුරු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ කරන ලද රාජ්‍ය ආයතන: කිළිනොච්චිය දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks