E   |     |  

 දිනය: 2017-11-29   පිළිතුර ලබා දී ඇත 

1231/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1231/’16

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම ස්ථාන අතරින් දැනට සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන ස්ථාන කවරේද;

      (iii) ඒ සඳහා 2015 හා 2016 වර්ෂවලදී වෙන් කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කවරේද;

      (v) එම විනාශයන් පිළිබඳව තක්සේරුවක් කර ඇත්නම්, තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (vi) එම විනාශයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;

       

      (vii) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-29

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks