E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1277/ 2017 - ගරු කංචන විජේසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු කංචන විජේසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලාංකීය ජාතික ආර්ථිකය මෙන්ම, ලක් ජනතාවද එකසේ පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ලාංකීය ධීවර ප්‍රජාව, තම කර්මාන්තය පවත්වාගෙන යනු ලබන්නේ ඉමහත් වූ බාධාවන් මධ්‍යයේ බවත්;

      (ii) ඔවුන් අත්විදිනා අනේකවිධ පීඩාවන්ට අමතරව, සාගර සම්පත් කොල්ලකනු ලබන විදේශිකයන්ගේ අඩත්තේට්ටම්වලට මුහුණ පෑමට ද සිදුවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ජාත්‍යන්තර සාගර සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් විදේශ රාජ්‍යයන්හි දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකීය ධීවරයන් හා යාත්‍රා සංඛ්‍යාව, වෙන් වෙන්  වශයෙන් කවරේද;

      (ii) දැනට අත්අඩංගුවේ පසු වන ශ්‍රී  ලාංකීය ධීවරයන් සංඛ්‍යාව, අත්අඩංගුවේ පසුවන රාජ්‍යය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ශ්‍රී ලාංකීය සමුද්‍ර සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවෙහි පසුවන විදේශික ධීවරයන් සංඛ්‍යාව, ‍ඔවුන් අයත් රට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) විදේශ රාජ්‍යයන්හි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකීය ධීවරයන් මුදා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශ රාජ්‍යයන්හි අත් අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකීය ධීවරයන් : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks