E   |     |  

 දිනය: 2017-05-26   පිළිතුර ලබා දී ඇත 

1326/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)          (i)       ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේදී රාජද්‍රෝහීන් ලෙස නම් කළ                  ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද;

                  (ii)       ඔවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට හේතු කවරේද;    

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) රාජද්‍රෝහියෙකු ලෙස නම් කළ පසු ඔහුට අහිමි වන ‍වරප්‍රසාද කවරේද;

      (ii) එම වරප්‍රසාද අහිමි වීම ඔහුගේ පවුලේ අයට බලපාන්නේද;

      (iii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ලන්දේසීන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන් එම ලේඛනයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේද;

      (ii) ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කිරීමට කටයුතු කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-26

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලන්දේසි පාලන සමයේදී රාජ ද්‍රෝහින් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන් : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-05-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. නාවින්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks