පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1369/’16
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඕමන්තෙයි හන්දියට නැගෙනහිරින් කිලෝමීටර් 7ක් දුරින්, ඉලමරුදන්කුලම ගම්මානයත්, එතැන් සිට කිලෝමීටර් 3ක් දුරින් සේමමඩු ගම්මානයත් පිහිටා ඇති බවත්;
(ii) යුදමය තත්ත්වයට පෙර මෙම ගම්මානවල පවුල් 500ක් ජීවත් වූ අතර යුදමය තත්ත්වය අවසන්වීමෙන් පසු මේ වනවිට ඉලමරුදන්කුලම ගම්මානයේ පවුල් 19ක්ද, සේමමඩු ගම්මානයේ පවුල් 65ක්ද ජීවත්වන බවත්;
(iii) මෙම ගම්මානවල යුදමය තත්ත්වයට පෙර අක්කර 1100 ක් පමණ වූ බිම් ප්‍රදේශයක වගා කටයුතු සිදුවූ අතර වර්තමානයේ වන අලි තර්ජන හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්;
(iv) මෙම ජනතාව වෙනුවෙන් කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොවූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉලමරුදන්කුලම් සහ සේමමඩු ගම්මානවල ජීවත්වන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මේ වනවිට ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘති කවරේද;
(iii) නොඑසේ නම්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-09
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඉලමරුදන්කුලම් සහ සේමමඩු ගම්මානවල ජනතාව: ශුභසාධන ව්‍යාපෘති
පිළිතුරු දුන් දිනය
2017-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks