E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1414/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1414/’16

      ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2016 අයවැය යෝජනා අංක 199 ට අනුව, විදේශ ආයෝජනයන් සඳහා වන ඉල්ලුම්පත් සම්පූර්ණ කර දින 50 ක් තුළ වැඩ ඇරඹීම සහතික කරන වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බැවින්, 2016 වර්ෂයේදී එසේ දින 50 ක් තුළ වැඩ ආරම්භ කළ විදේශ ආයෝජන කවරේද;

      (ii) උක්ත නැවුම් ප්‍රවේශය හේතුවෙන් 2016 වර්ෂය තුළදී රට තුළ ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගම් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

      (iii) විදේශීය ආයෝජකයෙකුට දින 50 ක් තුළ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමේ ක්‍රියාවලිය හඳුන්වාදීමේදී, සාපේක්ෂව ඇතිකළ වෙනස්කම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2016 අය වැය යෝජනා අංක 199: ප්‍රතිලාභ

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මලික් සමරවික්‍රම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks