E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1587/ 2017 - ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1587/’17

      ගරු සන්දිත් සමරසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ලබා දී ඇති මගී ප්‍රවාහන බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මගී ප්‍රවාහන බලපත්‍ර නොමැතිව සබරගමුව පළාතේ බස් රථ ධාවනය වන බවත්;

      (ii) එමඟින් සබරගමුව මගී ප්‍රවාහන අධිකාරියට විශාල පාඩුවක් සිදුවන බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය: මගී ප්‍රවාහන බලපත්‍ර

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks