E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1635/ 2017 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1635/’17

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම (Lanka Coal Company (Pvt.) Ltd.) පිහිටුවන ලද දිනය කවරේද;

                   (ii)       එකී සමාගමේ ගිණුම් වාර්ෂිකව විගණනය කර තිබේද;

      (iii) එසේ නම්, ඒ කවර ආයතනයක් විසින්ද;

      (iv) ගිණුම් විගණනය කර නොමැති නම්, එයට හේතුව කවරේද;

      (v) එම සමාගම  විසින් ගිණුම්කරණය පිළිබඳ නිසි ප්‍රමිතීන් පවත්වාගෙන යන බව සහතික කළ හැකිද;

      (vi) එකී සමාගම ගිණුම්කරණය පිළිබඳ නිසි ප්‍රමිතීන් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත්නම්, ඊට වගකිව යුතු නිලධාරින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks