පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1679/’17
ගරු සෙය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව ශික්ෂණ රෝහලේ පවත්නා වාට්ටු සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(ii) එක් එක් වාට්ටුවේ පවත්නා ඇඳන් සංඛ්‍යාව සහ දැනට ඇතුළත් කරගනු ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iii) සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් සහ ඔවුන්ගේ අදාළ වෛද්‍ය ක්ෂේත්‍ර කවරේද;
(iv) මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට වාට්ටු පවරාදීම පිළිබඳ තොරතුරු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විශේෂඥ වෛද්‍යවරුන්හට පැවරීම සඳහා වාට්ටු හිඟයක් පවතින බවත්;
(ii) ඉඩකඩ සහ ඇඳන් නොමැතිවීම හේතුවෙන් සාමාන්‍ය රෝගීන් සහ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන බරපතල රෝගාබාධවලින් පෙළෙන රෝගීන් ඇතැම් වාට්ටුවල බිම සහ පිලේ දමා සිටින බවත්;
(iii) අමතර වාට්ටු ඉදිකිරීම සඳහා රෝහල් පරිශ්‍රය තුළ ඉඩකඩ පවතින බවත්;
(iv) මෙය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා වෙන්කරන ලද ශික්ෂණ රෝහල බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) ඉතා කඩිනම් අවශ්‍යතාවයක්ව පවතින මෙම වාට්ටු ඉදිකිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවය ලබා දී ඒ සඳහා වෙන් කළ ප්‍රතිපාදන නිකුත් කිරීමට නියෝග කරන්නේද;
(ii) එසේ නම්, ඒ කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-06
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මඩකලපුව ශික්ෂණ රෝහල : වාට්ටු හිඟය
පිළිතුරු දුන් දිනය
2017-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාජිත සේනාරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks