E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1680/ 2017 - ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1680/’17

      ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා,— සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මඩකළපු දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය රෝහල් වන මාන්කර්නි, මහිලූර්, මාන්චෝලෛ, උන්නිච්චායි, කදිරවේලි, මන්ඩූර් සහ මහිලවට්ටුවන් යන රෝහල් වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති බවත්;

      (ii) අනෙකුත් පහසුකම් සහ නාම පුවරු ද සහිතව ගොඩනැගිලි පවතින බවත්;

      (iii) වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් දුර්වල මට්ටමක පවතින, ඉතා දුරබැහැර ප්‍රදේශ කරා ගමන් කිරීමට සිදුවීමෙන් මෙම ප්‍රදේශවල රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්;

      (iv) ගම්වාසී දුගී රෝගීන්ට නොමිලේ වෛද්‍ය සේවා සැපයීමේ සංකල්පය මුදුන්පත්වී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම රෝහල් යළි විවෘත කර අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු හෝ ලබාදීමට කටයුතු කරන්නේද;

      (ii) මෙම රෝහල් යළි විවෘත කර සේවා සපයන මට්ටමට ගෙන එනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වෛද්‍ය හිඟය නිසා තාවකාලිකව වසා දමා ඇති ප්‍රාදේශීය රෝහල් : මඩකලපුව දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාජිත සේනාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks