බලන්න

E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1699/ 2017 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1699/’17

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මහවැලි ඉඩම්වල වසර 10කට වැඩි කාලයක් පදිංචිව සිටින තැනැත්තන්ට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පිළිගන්නේද;

      (ii) එසේ නම්, ඉහත කී ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;

       

      (iii) 2015.01.08 දිනෙන් පසු හිමිකම් ඔප්පු ලබා දී ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව කොපමණද;

      (iv) මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා හඳුනාගෙන ඇති බිම් කට්ටි සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) ඉහත (iv) හි සඳහන් බිම් කට්ටි අතරින් රජය විසින් පිඹුරුපත් සකස් කර ඇති බිම් කට්ටි සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (vi) ජාතික ආර්ථිකයට ඉතා වැදගත් වන ඉහත කී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධික ලෙස ප්‍රමාද වී ඇති බව පිළිගන්නේද;

      (vii) එසේ නම්, එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks