E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1707/ 2017 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1707/’17

      ගරු විදුර වික්‍රමනායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ව්‍යවසායකයන් සවිබලගැන්වීම පිණිස සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ක්‍ෂුද්‍ර කර්මාන්ත සඳහා සහන පොලී පදනමක් මත, වසර දෙකක සහන කාලයක්ද සහිතව SMILE III ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලද බවත්;

      (ii) ව්‍යාපෘති අධ්‍යක්‍ෂ විසින් 2016 ජූලි මස 10 වැනි දින පුවත්පත් දැන්වීම් පළකර, ණය ලබාදීම පිළිබඳව ප්‍රචාරය කරන ලද බවත්;

      (iii) මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීමට වාණිජ බැංකු දහයක් ඉදිරිපත් වූ අතර, ණය අයදුම්කරුවන් පන්දහසක් පමණ එම ණය අපේක්ෂාවෙන් ඉදිරිපත් වුවද ණය ලබාදීම නවතා ඇති බවත්;

      (iv) බොහෝ ව්‍යවසායකයන් විසින් අවශ්‍ය මූලික වියදම් දරමින් ඇප ඔප්පු අත්සන් කිරීම සහ උකස් ඔප්පු සකස් කිරීම වැනි කටයුතු අවසන්කර ඇතත්, ණය ලබාදී නොමැති බවත්;

       

       

      (v) මෙම තත්ත්වය හේතුවෙන් නව ව්‍යාපාර සහ ව්‍යාපාර වැඩිදියුණු කිරීම්,  අතරමඟ නැවතී ඇති අතර එය ජාතික ආර්ථිකයටද බලවත් පහරක් වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ණය මුදල් ලබාදීමට හැකියාවක් නොමැති නම්, 2016.07.10 දින පුවත්පත් දැන්වීම් ප්‍රචාරය කර ජනතාව අපහසුතාවයට පත් කරන ලද්දේ මන්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks