E   |     |  

 දිනය: 2017-11-17   පිළිතුර ලබා දී ඇත 

1757/ 2017 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1757/’17

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— සංවර්ධන කාර්යභාර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සී/ස ලංකා සෝල්ට් සමාගමේ කොටස්වලින් 90% හිමි වනුයේ සේවක භාරකාර අරමුදලට (ETF) බවත්, ලංකාවේ මුළු ලුණු වෙළඳපොළෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් අත්කරගෙන ඇත්තේ මෙම සමාගම බවත්;

      (ii) 2015 වර්ෂය ආරම්භයේ සමාගමේ සිටි 500ක් වූ අනියම් හා ස්ථිර සේවක සංඛ්‍යාව,  ‍මේ වනවිට 1000 ඉක්මවා ඇතත්, ලුණු නිෂ්පාදනයේ පැහැදිලි වැඩි වීමක් සිදු වී නොමැති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) සමාගම තුළ නිශ්චිත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හෝ ලුණු විකිණීමේ ප්‍රතිපත්තියක් නොමැති වීම සහ වංචා හා දූෂණ හේතුවෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එතුමා දන්නේද;

      (ii) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන ලුණු මිල මෙසේ දරාගත නොහැකි අන්දමින් ඉහළයාම නවතා, සාධාරණ මිලකට ලුණු ලබාදීමට සහ වංචා සහ දූෂණ දුරු කිරීම සඳහා වහාම පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-17

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන කාර්යභාර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks