E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1852/ 2017 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1852/’17

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක වන බව පිළිගන්නේද;

                   (ii)       නවක ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් තරග විභාගයක් පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්නව තිබියදී, විශ්‍රාම ගොස් සිටින ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේද;

      (iii) එසේ නම්, එමඟින් තරග විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නව බඳවා ගැනීම් කොන්ත්‍රාත් පදනමින් සිදුකරන්නේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ග්‍රාම නිලධාරි පුරප්පාඩු: කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks