පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1869/’17
ගරු නාමල් රාජපක්ෂ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.02.26 දින ආරම්භ කරන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙහි (F.C.I.D) සේවයේ නියුතු මුළු කාර්ය මණ්ඩලය කොපමණද;
(ii) එහි මාණ්ඩලික ශ්‍රේණියට අදාළ තනතුරු කවරේද;
(iii) එම තනතුරු සඳහා පත්කර ඇති නිලධාරින්ගේ නම, ලිපිනය, දීමනා සහ අමතරව ගෙවන ලද විශේෂ දීමනා ඇතුළත් මුළු වැටුප වෙන් වෙන් වශයෙන් ඇතුළත් ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015.02.26 දින සිට මේ දක්වා පරීක්ෂණ කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි කරවන ලද මුළු නිලධාරින් සංඛ්‍යාව, ඔවුන් සංචාරය කරන ලද විදේශ රටවල් සංඛ්‍යාව, විදේශ රටවල් සහ එම සංචාර සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
(ii) ඒ සඳහා සහභාගි වූ නිලධාරින්ගේ නම, ලිපිනය, සංචාරය කළ විදේශ රට සහ එම සංචාර සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් ඇතුළත් ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-03
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මූල්‍යඅපරාධ විමර්ශන කොට්ඨාසය: කාර්ය මණ්ඩලය
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks