E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1959/ 2017 - ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1959/’17

      ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2017 මැයි මස 26 දින සිට ජූනි මස 05 දින දක්වා ඇතිවූ ගංවතුර හා නායයාම් අවදානම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින, තම නිවාසවලින් ඉවත්වීමට උපදෙස් දී ඇති පවුල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) අදාළ නිවාස හිමියන්ට ඒ වෙනුවෙන් ඉඩම් ලබාදීමට සහ නිවාස ඉදිකර ගැනීමට වැඩපිළිවෙළක් සකස්කර තිබේද;

      (iii) එසේ නම්, එක් පුද්ගලයෙකුට ලබාදෙන ඉඩම් ප්‍රමාණය සහ නිවසක් ඉදිකිරීමට ලබාදෙන වන්දි මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගංවතුර සහ නාය යෑම් නිසා ඉවත්වීමට උපදෙස් දී ඇති පවුල්: රත්නපුර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks