E   |     |  

 දිනය: 2018-03-21   පිළිතුර ලබා දී ඇත 

2003/ 2018 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2003/’17

      ගරු බිමල් රත්නායක මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;

                   (ii)       එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;

      (iii) 2015 සිට 2017 වර්ෂය දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරින් සංඛ්‍යාව;

      (ii) එම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

      (iii) අමාත්‍යවරයා සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

      එක් එක් අමාත්‍යාංශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-03-21

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks