E   |     |  

 දිනය: 2018-03-23   පිළිතුර ලබා දී ඇත 

2136/ 2018 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2136/’17

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2015 වර්ෂයේදී අ. පො. ස. (උසස් පෙළ) විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;

                   (ii)      එම සංඛ්‍යාවෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;

      (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;

      (iv) වෛද්‍ය පීඨය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනීම ලැබූ පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය;

      ‍ එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks