E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

2216/ 2017 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2216/’17

      ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2006 වර්ෂය දක්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ පුනරුත්ථාපන සංවිධානය නමැති ස්වේච්ඡා සංවිධානයක් ක්‍රියාත්මක වූ බවත්;

                  (ii)      2006 වර්ෂයෙන් පසු එහි ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති  බවත්;

      (iii) මෙම සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කරන විට රුපියල් කෝටි ගණනක මුදලක් ශ්‍රී ලංකාව තුළ පිහිටි බැංකු විසින් අත්හිටුවා ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) දෙමළ පුනරුත්ථාපන සංවිධානය ශ්‍රී ලංකාව තුළ අනුමත ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් ක්‍රියාකාරී වූ කාලවකවානුව කවරේද;

      (ii) මෙම සංවිධානය ශ්‍රී ලංකාව තුළ ගිණුම් පවත්වාගෙන යනු ලැබූ බැංකු කවරේද;

      (iii) එම එක් එක් බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) මෙම ස්වේච්ඡා සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද දිනය කවරේද;

      (ii) තහනම් කරන අවස්ථාවේදී මෙම සංවිධානය සතුව තිබූ චංචල, නිශ්චල හා ද්‍රවශීල වත්කම්වල වටිනාකම කොපමණද; 

      (iii) එම වත්කම්වලට සිදුවූයේ කුමක්ද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks