E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2412/ 2018 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2412/’17

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කුරුණෑගල, අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා “රිදීබැඳි ඇල්ල” නමින් ඉඩමක් තිබෙන බවත්;

                  (ii)       එම ඉඩමේ “ගජමුතු පියස” නමින් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම සඳහා මේ වනවිට මුදල් එකතු කර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එවැනි නිවාස යෝජනා ක්‍රමයක් එම ස්ථානයේ ඉදිකිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමතිය ලබා ගෙන තිබේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

      (ii) මෙම ඉඩමෙහි නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම සඳහා මුදල් එකතු කිරීම ද  කර ඇති බැවින් කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks