E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

0203/ 2018 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 203/’18

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2016 වර්ෂයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන්,

                    (i)       මියගිය සංඛ්‍යාව කොපමණද;

                  (ii)       ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;

                 (iii)       විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් රජය ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;

      (iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රජය ගෙවන ලද  වන්දි මුදල කොපමණද;

      (v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවන ලද උපරිම සහ අවම වන්දි මුදල කොපමණද;

      (vi) අවතැන් වූ සියලුම දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද;

      (vii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks