පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
227/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඉතාමත් දිළිඳු දිස්ත්‍රික්කයක් බවත්;
(ii) මෙම දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ප්‍රතිලාභීන් 23,057ක් සුදුසුකම් ලබන බව හඳුනාගෙන තිබුණද, මේ දක්වා සහනාධාර ලබාදී ඇත්තේ ප්‍රතිලාභීන් 11,111කට පමණක් බවත්;
(iii) 2013 වර්ෂයේ සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී කරෙයිතුරෙයිපට්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාම නිලධාරි වසම් 10ක හා පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 13ක නැවත පදිංචි කිරීම් සඳහා අවසර නොලද බැවින්, ඉහත ග්‍රාම නිලධාරි වසම් 23න් කිසිම ප්‍රතිලාභියෙක් තෝරා නොගන්නා ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ තත්ත්වය තුළ සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා දැනට හඳුනාගෙන ඇති ප්රතිලාභීන්ගෙන් ඉතිරි ප්‍රතිලාභීන් 11,946කට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා කටයුතු කරන්නේද;
(ii) ඉහත සඳහන් කරෙයිතුරෙයිපට්රු හා පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරි වසම්වල සිටින සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ තත්ත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-07
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks