පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2117/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධය හේතුවෙන් 1985 වර්ෂයේදී අවතැන් වූ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙඩිවෛත්තකල් ගම්මානයේ ජනතාවට, එම ගම්මානයේ නැවත පදිංචි වීමට අවසර ලැබී ඇතත්, ඒ සඳහා කිසිදු මූලික පහසුකම් සලසා නොමැති වීම හේතුවෙන් තවදුරටත් විවිධ ප්‍රදේශවල, විවිධ පීඩාවන් මධ්‍යයේ ජීවත්වන බවත්;
(ii) ඉහත ගම්මානයේ නිවාස, ප්‍රවාහනය ඇතුළු මූලික පහසුකම් නොමැති වීමත්, වන අලින්ගේ තර්ජන පැවතීමත් හේතුවෙන් ජනතාවට එහි නැවත පදිංචි වීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්;
(iii) ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද පාසල ද පාලුවට ගොස් ඇති බවත්;
(iv) ඉහත ගම්මානයට යාබදව පිහිටි කෝවිල් පුලයන්කුලම් ගම්මානයේද මූලික පහසුකම් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට පවුල් 09ක් පමණක් ජීවත් වන බවත්, එහි පාසල ද ගබඩාවක් වශයෙන් භාවිතා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ගම්මානවල මූලික පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කර ජනතාව නැවත පදිංචි කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks