E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

0230/ 2018 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 230/’18

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා උසස්වීම් ලබාදුන් අවසන්  දිනය කවරේද;

                   (ii)      පළමු පන්තියට උසස්වීම් ලබාදීම සඳහා මෙම සේවයේ දෙවන පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වර්ෂයේදී මූලික තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවේද;

      (iii) ඉහත උසස්වීම් මෙම සේවයේ නිලධාරින් විශ්‍රාම ලැබූ පසු ලබාදෙන ක්‍රමවේදයක් තිබේද;

      (iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

      (v) නොඑසේ නම්, ඉහත උසස්වීම් ලබා දෙන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks