පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1743/’17
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බන්ධනාගාර නියාමක තනතුරු සඳහා බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බව දන්නේද;
(ii) එසේ නම්, 2016.10.19 සිට 2016.10.27දක්වා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ සහ 2016.11.03 සිට 2016.11.12 දක්වා පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අදාළ තනතුරු සඳහා තෝරාගන්නා ලද අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම තනතුරු සඳහා බඳවා ගැනීම් කර ඇති බව හා අදාළ ගිවිසුම් 2016.11.24 දින අත්සන් කරන ලෙස සුදුසුකම්ලාභීන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් දැනුම් දී නැවත එය කල් දැමුවේ මන්ද;
(iv) එසේ කල් දැමූ පත්වීම් මේ වනවිටත් ලබා නොදීමට හේතුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පත්වීම් ලබා දීමේ ගැටලු සහගත තත්ත්වයක් තිබියදී, පත්වීම්ලාභීන් අපහසුතාවයට පත්වන අයුරින් ඔවුන්ට ගිවිසුම් ලිපි ලබා දුන්නේ මන්ද;
(ii) සුදුසුකම් සපුරන ලද පත්වීම්ලාභීන්ට පත්වීම් ලබා නොදීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පිළිගන්නේද;
(iii) එසේ නම්, පත්වීම් නැවත ලබාදීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-17
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks