E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0482/ 2018 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1755/’17

      ගරු ලකී ජයවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ගොඩ ඉඩම් නොමැති පුද්ගලයන්ට තම කුඹුරු ඉඩමෙන් පර්චස් 10ක කොටසක් ගොඩකර නිවසක් ඉදිකර ගැනීමට අවසර ලබාදීම දීර්ඝ කාලයක සිට පැවති බව දන්නේද;

                  (ii)      දැනට ගොඩ ඉඩම් අහිමි පුද්ගලයන්ට තම කුඹුරු ඉඩමෙන් පර්චස් 10 ක පමණ කොටසක් ගොඩකර නිවසක් ඉදිකිරීම සඳහා ලබා දී තිබූ අවස්ථා අහිමි කර ඇති බව පිළිගන්නේද;

      (iii) එමනිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් නොමැති විශාල පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) කුඹුරු ඉඩමෙන් පර්චස් 10ක ප්‍රමාණයක් ගොඩකර ගැනීම සඳහා මේ වනවිට  ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයදුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) මෙම පුද්ගලයන්ට ඉතා කඩිනමින් එම පර්චස් 10ක කුඹුරු ඉඩම් ගොඩකර ගැනීමට අවස්ථා සලසා දෙන්නේද;

      (iii) එසේ නම්, ඒ කවර දිනයක සිටද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks