පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1751/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින පුරා මේ වනවිට පවත්වාගෙන යනු ලබන සිනමාශාලා කවරේද;
(ii) ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද;
(iii) එම සිනමාශාලාවල හිමිකරුවන් සහ ඒවා ආරම්භ කර ඇති දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දිවයින පුරා පිහිටි සිනමාශාලා වර්ගීකරණයක් කර තිබේද;
(ii) එසේ නම්, ඒ කවර ආකාරයටද;
(iii) එම සිනමාශාලා නියාමනය කරනු ලබන්නේ කවුරුන්ද;
(iv) ඉතා අඩු පහසුකම් සහිතව හා දුර්වල ක්‍රියාකාරිත්වයෙන් යුතුව පවත්වාගෙන යනු ලබන සිනමාශාලා තිබෙන බව දන්නේද;
(v) එසේ නම්, සිනමාශාලා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා, සිනමාශාලා නියාමනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නේද;
(vi) එසේ නම්, ඒ කෙසේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-18
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks