E   |     |  

 දිනය: 2018-07-17   පිළිතුර ලබා දී ඇත 

0494/ 2018 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1659/’17

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඌව පළාත් සභාව යටතේ පාලනය වන ආයුර්වේද රෝහල් හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       එම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල නම් කවරේද;

      (iii) දැනට එම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව පළාතේ ආයුර්වේද රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල රැකියා ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      (v) එසේ රැකියා ලබාදුන් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ තනතුරු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-07-17

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks